රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වූ නිල පිළිගැනීම නුදුරේදීම

රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වූ නිල පිළිගැනීම නුදුරේදීම

රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ‍තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) විධායක මණ්ඩලය සමඟ අද (20) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි.

පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවද ඔහු මෙහිදී කියා සිටියා

අපනයන ආර්ථිකයක් කරා රට කඩිනමින් යොමු කිරීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඊට අවශ්‍ය උපාය මාර්ගික වැඩපිළිවෙළ මේ වන විට සකස් කර තිබෙන බවත් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ එහි ප්‍රමුඛ අංගයක් බවත් එහිදී සඳහන් කළා

Share This