ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්නේ නෑ -අතිරේක කොමසාරිස් චින්තක කුලරත්න-

ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්නේ නෑ -අතිරේක කොමසාරිස් චින්තක කුලරත්න-

ජනපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලීසිය, කැරළි මර්ධන පොලීසිය හා ජංගම පොලිස් මුර සංචාර සිදුවන නිසා කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවීමට ඉඩ නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක කොමසාරිස් චින්තක කුලරත්න මහතා පවසනවා.

ඒ නිසා මීට පෙරාතුව සිට යම් යම් අය ප්‍රකාශ කළ පරිදි වෙඩි තබන්නට අවශ්‍ය නොවන බවද ඒ මහතා සඳහන් කර සිටියා.

මෙවර මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීම සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශවල සහාය උපරිමයෙන් ලැබී තිබෙන බවත් එම නිසා සාමකාමීව සිය ඡන්දය භාවිතා කොට තම පරමාධිපත්‍ය අයිතිය සුරක්ෂිත කරගන්නා ලෙසයි වැඩිදුරටත් චින්තක කුලරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Share This