සුරාසැල් වැසෙන දවසත් මෙන්න

සුරාසැල් වැසෙන දවසත් මෙන්න

ජනාධිපතිවරණ ජන්ද විමසීම හේතුවෙන් මත්පැන් විකිණිම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසාදමන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 21 සහ 22 යන දෙදෙදින තුළ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුනට (3 Stars) ඉහළ සුරාබදු ර.බි 7 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථානවල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරිමට අවසර ලබාදී තිබෙන බව සඳහන්.

එමෙන්ම දිවයින පුරා පිහිටි සෙසු සියලුම සිල්ලරට මත්පැන් විකිණිම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

විශේෂයෙන් ජනාධිපතිවරණ කාලසීමාව තුළ සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොල අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත කෙටි දුරකථන අංකය වන 1913 දවසේ පැය 24 පුරා මහජනතාව වෙත විවෘතව තැබෙනු ඇති.

Share This