ලෙබනනයේ ප්‍රහාර සම්බන්ධව තායිවානයට බලපෑම්

ලෙබනනයේ ප්‍රහාර සම්බන්ධව තායිවානයට බලපෑම්

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලට තායිවාන සමාගමක් දෙසට ඇස යොමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිය පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා “පේජර් පණිවුඩ හුවමාරු” යන්ත්‍ර එකවර පුපුරා යෑමෙන් මෙම ප්‍රහාර මාලාව සිදුවූ අතර එම පේජර් නිෂ්පාදනය කරනු ලැබූ සමාගමක් ලෙස තායිවාන සමාගමක් දෙසට මෙම සැකය එල්ලවී ඇති බව සඳහන්.

කෙසේවෙතත් තායිවාන සමාගමක් වන Gold Apollo හි නිර්මාතෘ Hsu Ching-Kuang ප්‍රහාරයට තම සමාගමට කිසිදු සම්බන්ධයක් නොමැති බව තරයේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

තවදුරටත් ඔවුන් පවසා ඇත්තේ තම වෙළඳ ලකුණ හංගේරියාවේ BAC Consulting නම් සමාගමකට ඔවුන්ගේම පේජරවල Gold Apollo නම භාවිතා කිරීමට බලපත්‍ර ලබා දුන් බවයි.

හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 3,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Share This