මැතිවරණ කොමිසමෙන් ජනපති අපේක්ෂකයෙකු ගැන විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිසමෙන් ජනපති අපේක්ෂකයෙකු ගැන විශේෂ නිවේදනයක්

අභාවප්‍රාප්ත වූ මොහොමදු ඉල්යාස් මහතා වෙනුවෙන් ජනාධිපතිවරණයේදී ඡන්දය ලකුණු කර ඇත්නම් එය ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකා කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ මොහොමදු ඉල්යාස් මහතා පසුගිය අගෝස්තු මස 22 වනදා අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ නාමයෝජනාව ඉදිරිපත් කළ කේ.එම්.එන්. සංජය රේමන් මහතා වෙත වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙස කොමිසම විසින් දැනුම්දී තිබූ බව සඳහන්.

කෙසේවෙතත් අදාළ විධානය ලබාදුන් දිනයේ සිට දින තුනක් ඇතුලත වෙනත් අපේක්ෂකයෙකුගේ නාමයෝජනාවක් ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

ඒ අනුව ඡන්ද පත්‍රිකාව සහ ඡන්ද විමසීමට අදාළ සෙසු සියලු ලේඛනවලින් මියගිය අපේක්ෂකයාගේ නම ඉවත් කරනු ලැබ ඇත්තාක් මෙන් සලකනු ලබන බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළා.

Share This