හොඳම චිත්‍රපටය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ආචාර්ය අලිරාජා සුභාස්කරන් මහතා

හොඳම චිත්‍රපටය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ආචාර්ය අලිරාජා සුභාස්කරන් මහතා

ලොව ප්‍රකට සිනමා උළෙලක් වන දකුණු ඉන්දීය FILMFARE සම්මාන උළෙලේ දී හොඳම සිනමා නිර්මාණයට හිමි සම්මානය
පොන්නියන් සෙල්වන් – 1 (PS -1) සිනමා නිර්මාණය වෙනුවෙන් ලයිකා සමූහයේ සභාපති ආචාර්ය අලිරාජා සුභාස්කරන් මහතා හට හිමිව තිබෙනවා.

පසුගියදා 68 වන වරට පැවති එම සම්මාන උළෙලේ දී හොඳම සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද පොන්නියන් සෙල්වන් – 1 (PS -1) චිත්‍රපටය වෙනුවෙන් හිමිවුණා.

ඒ, ප්‍රකට සිනමාකරුවෙකු වන මනිරත්නම් හටයි.

එමෙන්ම මෙම සිනමා නිර්මාණයෙහි සංගීතය නිර්මාණය කළ ඒ. ආර්.රහමන් හොඳම සංගීත ඇල්බමය සඳහාත්, හොඳම පසුබිම් ගායනය වෙනුවෙන් අම්රිචා නන්දි සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයක්.

මෙලෙස විශිෂ්ටතම සිනමා නිර්මාණ ලොවට දායාද කරමින් ලාංකීය නාමය ඉහළින්ම රඳවා තැබූ ලයිකා සමාගමේ නිර්මාතෘ අලිරාජා සුභාස්කරන් මැතිතුමනි … උණුසුම් සුබ පැතුම්..

Share This