හෙට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරේ -ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව-

හෙට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරේ -ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව-

ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ දී (21) දුම්රිය සුපුරුදු පරිදි ධාවන කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජේ.එන්. ඉඳිපොලගේ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කළ විමසුමේ දී

ඒ අනුව, හෙට (21) දිනයේ දී සුපුරුදු ලෙස සෙනසුරාදා දිනවල ධාවනය කෙරෙන දුම්රියන් සියලුම දුම්රිය මාර්ගවල ඒ ආකාරයෙන්ම ධාවනය වීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This