හැකර්වරුන් න්‍යෂ්ටික රහස් සොරකම් කිරීමේ උත්සාහයක්

හැකර්වරුන් න්‍යෂ්ටික රහස් සොරකම් කිරීමේ උත්සාහයක්

උතුරු කොරියානු හැකර්වරුන් න්‍යෂ්ටික රහස් සොරකම් කිරීමට උත්සාහ කරන බව එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අනතුරු අඟවනවා.

ලොව පුරා රජයන් සහ පෞද්ගලික සමාගම්වලින් න්‍යෂ්ටික සහ හමුදා රහස් සොරකම් කිරීමට උත්සාහ කරන බවයි ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ.

ඔවුන් පවසන්නේ – Andariel සහ Onyx Sleet යන නම් වලින් හඳුන්වන කණ්ඩායම – Pyongyang හි මිලිටරි සහ න්‍යෂ්ටික වැඩසටහන් සහ අභිලාෂයන් ඉදිරියට ගෙන යාමේ අරමුණින් රහසිගත තොරතුරු ලබා ගැනීම සඳහා ආරක්ෂක, අභ්‍යවකාශ, න්‍යෂ්ටික සහ ඉංජිනේරු ආයතන ඉලක්ක කරන බවයි.

මෙම කණ්ඩායම යුරේනියම් සැකසීමේ සිට ටැංකි, සබ්මැරීන සහ ටෝපිඩෝ දක්වා පුළුල් පරාසයක තොරතුරු සොයමින් සිටින අතර එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, දකුණු කොරියාව, ජපානය, ඉන්දියාව සහ තවත් රටවල් කිහිපයක් ඉලක්ක කර තිබෙන බව සඳහන්.

එමෙන්ම මෙම හැකර්වරුන් එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු, නාසා සහ ආරක්ෂක සමාගම් ඉලක්ක කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This