හදිසියේම ෂාරුක්ව රෝහල් ගත කරයි

හදිසියේම ෂාරුක්ව රෝහල් ගත කරයි

ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් නිසා සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කර තිබෙනවා.

කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පෙරේදා(21) පැවැති තරගය නැරඹීම සඳහා ෂාරුක් ඛාන් අහමාදාබාද් නගරය වෙත පැමිණ සිට ඇති බවත් එහිදී ඔහුට විජලන තත්වයක් ඇති ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුව ඔහුව අහමදාබාද්හි කේ.ඩී රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් ඔහුගේ බිරිඳ ගෞරි ඛාන්, බොලිවුඩ් සුපිරි නිළි ජුහී චව්ලා සහ ඇයගේ සැමියාද වහාම කේ.ඩී රෝහල වෙත පැමිණ ඇති බවත් සඳහන්.

ෂාරුක්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් බොලිවුඩ් නිළි ජුහී චව්ලා ප්‍රකාශ කර සිටියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි.

Share This