සමාජ මාධ්‍යයේ හුවමාරු වූ තැපැල් ඡන්ද පත්‍රිකාව ගැන කොමිසමෙන් පැමිණිල්ලක්

සමාජ මාධ්‍යයේ හුවමාරු වූ තැපැල් ඡන්ද පත්‍රිකාව ගැන කොමිසමෙන් පැමිණිල්ලක්

සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පසුගිය දින තුනේ දී සාර්ථකව සිදු කෙරුණා

කෙසේ වෙතත් එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට ලබන 11 සහ 12 යන දෙදින තුළ දී තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතිනවා

Share This