සජබයේ මන්ත්‍රීවරයෙක් ජනපතිගේ වේදිකාවේ

සජබයේ මන්ත්‍රීවරයෙක් ජනපතිගේ වේදිකාවේ

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්ව තිබෙනවා

ඒ අනුව ඔහු අද (27) පස්වරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්ව ජයගමු වේදිකාවට ගොඩ වුණා

ඔහු පසුගිය මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියා

මීට අමතරව විමල් විරවංශ මහතා නායකත්වය දෙන උත්තර ලංකා සභාගය නියෝජනය කළ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ගයාශාන් නවනන්දන මහතාද ගාල්ල එක්ව ජයගමු වේදිකාවේදී රනිල් වික්‍රමසින්හ මහතාට සහාය දැක්වීමට එක්ව සිටියා

එමෙන්ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන 40 කට අධික මැතිඇමතිවරු පිරිසක්ද එම ජන රැළියට එක්වුණා

Share This