ශීත සෘතුව සනිටුහන් කරමින් නිරුවතින් පිහිනන ඕස්ට්‍රේලියානුවන් (VIDEO)

ශීත සෘතුව සනිටුහන් කරමින් නිරුවතින් පිහිනන ඕස්ට්‍රේලියානුවන් (VIDEO)

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩකයින් 3,000ක් පමණ පිහිනුම් කටයුතු සිදුකර තිබෙනවා.

අලුයම උදාවන විට සිදු කරන මෙම කටයුත්ත මගින් පිහිනුම්කරුවන්ගේ නිර්භීතකම පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ ජලයේ උෂ්ණත්වය 6C සහ 12C අතර පවතින හේතුවෙන්.

වෙරළ තීරයේ බෙර වාදනයෙන් පසු රතු ගිනිදැල් පත්තු කිරමෙන් පසු මෙම තරගය ආරම්භ කර තිබෙනවා.

නිරුවතින් පිහිනීම ටස්මෙනියාවේ සමරන Dark Mofo උත්සවයේ එක් අංගයක් වනවා.

Dark Mofo ලෙස හඳුන්වන්නේ Tasmania හි Hobart හි පැරණි සහ නව කලා කෞතුකාගාරය වන MONA විසින් 2013දී ආරම්භ කළ වාර්ෂික ශීත කලා හා සංස්කෘතික උත්සවයක්.

මෙවර එය අංග කිහිපයක් අඩුකර ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This