ශ්‍රී ලාංකිකයින්ට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව ඊ ගමන් බලපත්‍රයක්

ශ්‍රී ලාංකිකයින්ට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව ඊ ගමන් බලපත්‍රයක්

ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ශ්‍රී ලාංකිකයන් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව ඊ ගමන් බලපත් ලබාදීම සැලසුම් කර තිබෙනවා

ඒ අනුව ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා පසුගිය16 වැනිදා සිට ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා http://www.immigration.gov.lk සබැඳියෙන් පූර්ව ලියාපදිංචියක් සිදුකළ යුතුයි

එමෙන්ම පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙසත්, පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා

ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා

Share This