වෙන්දේසියට යන එල්විස් ප්‍රෙස්ලිගේ නිල් සපත්තු

වෙන්දේසියට යන එල්විස් ප්‍රෙස්ලිගේ නිල් සපත්තු

1956 දී එල්විස් ප්‍රෙස්ලිගේ මංගල ඇල්බමයේ ඔහු පැළඳ සිටි “Blue Suede Shoes” වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍ය වෙන්දේසි ආයතනයක් වන Henry Aldridge and Son ඇස්තමේන්තුගත පවුම් 100,000 සිට පවුම් 120,000 දක්වා එනම් ඩොලර් 126,000 සිට ඩොලර් 152,000 දක්වා මුදලකට මෙම සපත්තු වෙන්දේසි කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව මෙම වෙන්දේසියට එක්වීමෙන් එල්විස් ප්‍රෙස්ලිගේ රසිකයින්ට ඔහුගේ නිල සපත්තු යුගලය අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා.

1956 දී “The Steve Allen ප්‍රසංගයේදී “I want You, I Need You, I Love You” සහ “Hound Dog” ගායනා කරන අතරතුර එල්විස් ප්‍රෙස්ලි සපත්තු පැළඳ සිටි බව සඳහන්.

පසුව 1958 දී ඔහුගේ මිතුරා වන Alan Fortas හට එම සපත්තු යුගලය ඔහු ලබාදී තිබෙනවා.

මෙම සපත්තු ප්‍රෙස්ලිගේ සමීප මිතුරෙකු සහ කෞතුකාගාරයේ නිර්මාතෘ ජිමී වෙල්වට් විසින් එල්විස් ප්‍රෙස්ලිගේ බවට තහවුරු කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන සිකුරාදා(28) වෙන්දේසිය Henry Aldridge and Son වෙන්දේසි ආයතනයේදී සජීවීව පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This