විශේෂ ශාකවලින් ස්වයං ඖෂධ නිපදවා ගන්නා චිම්පන්සියන්

විශේෂ ශාකවලින් ස්වයං ඖෂධ නිපදවා ගන්නා චිම්පන්සියන්

චිම්පන්සියන් වේදනා නාශක සහ බැක්ටීරියා නාශක ගුණ ඇති ශාක අනුභව කරමින් ස්වයං ඖෂධ නිපදවා ගන්නා බව විද්‍යාඥයින් පවසනවා.

උගන්ඩාවේ වනාන්තරවල සිටින චිම්පන්සියන්ගේ චර්යා රටා නිරීක්ෂණය කරමින් විද්‍යාඥයින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඔවුන් ශාක මගින් ස්වයං ඖෂධ ලබා ගන්නේ දැයි සොයා බැලීමට තුවාල වූ හෝ අසනීප වූ සතුන් නිරීක්ෂණය කිරීමට වනාන්තරවලට ගොස් ඇති අතර තුවාල වූ සතෙකු ආහාරයට ගැනීම සඳහා වනාන්තරයෙන් විශේෂිත යමක් සොයා ගත් විට, පර්යේෂකයන් එම ශාකයේ සාම්පල එකතු කර එය විශ්ලේෂණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පරීක්ෂා කරන ලද බොහෝ ශාක ප්‍රතිශක්තිකරණ ගුණ ඇති බවට හෙළිවී තිබෙනවා.

PLOS One සඟරාවේ ඔවුන්ගේ සොයාගැනීම් ප්‍රකාශයට පත් කළ විද්‍යාඥයන් සඳහන් කරන්නේ චිම්පන්සින් මගින් නව ඖෂධ සෙවීමට පවා උපකාර ලබාගත හැකි බවයි.

මෙම වනාන්තරවල ඇති සෑම දෙයක්ම ඒවායේ ඖෂධීය ගුණ සඳහා පරීක්ෂා කළ නොහැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පර්යේෂක ආචාර්ය එලෝඩි ෆ්‍රේමන් පවසනවා.

මේ නිසා තුවාල වූ හෝ රෝගාතුර වූ චිම්පන්සියෙකු ඔවුන් සාමාන්‍යයෙන් අනුභව නොකරන ගස් පොතු හෝ පලතුරු වැනි දෙයක් සොයන විට ඒවාට ඔවුන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

ඒ අනුව ශාක ඖෂධ තවදුරටත් හෙළි කරගැනීමට ඔවුන්ගේ නිරීක්ෂණ තවදුරටත් පුළුල් කරන බවයි ආචාර්ය ෆ්රේමන් වදිදෘරටත් සඳහන් කරන්නේ.

Share This