විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු නිකුත් කෙරේ

විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා

මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ අදාළ කඩඉම් ලකුණු www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි

ඒ අනුව සිය විභාග අංකය ඇතුළත් කළ අදාළ විස්තර ලබා ගත හැකියි

මේ අතර කඩයිම් ලකුණු නිකුත් කර සති දෙක කාලයක් තුළ විශ්ව විද්‍යාල සදහා ප්‍රවේශයට ලියාපදිංචි කටුයුතුද සිදු කෙරෙන බව සඳහන්.

Share This