වැරදුණු වෙඩි තැත (VEDIO)

වැරදුණු වෙඩි තැත (VEDIO)

ගල්පොත්තයාය ජූලම්පිටිය මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යුවළකට ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර ඇති බවට මිද්දෙණිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් යතුරු පැදිකරු තුවාල ලබා ඇති අතර, යතුරු පැදිය පෙරළීමෙන් කාන්තාව තුවාල ලබා මිද්දෙණිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.

තුවාල ලැබූ පිරිමි පුද්ගලයා වයස අවුරුදු 42ක් සහ කාන්තාව වයස අවුරුදු 40ක් වන ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක්.

තුවාලකරුවන් ඔවුන්ගේ වෙළදසැල වසා දමා යතුරු පැදියෙන් නිවසට යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් වෙඩි තැබීමට රැගෙන එන ලද මෙරට නිෂ්පාදිත ගිනි අවිය එම ස්ථානයේ දමා පලාගොස් ඇති අතර සැකකරුවන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

Share This