වසර ගණනාවකට පසු මුහුදු පතුලෙන් හමුවූ දේ

වසර ගණනාවකට පසු මුහුදු පතුලෙන් හමුවූ දේ

මාරාන්තික ව්‍යසනයකින් වසර 55කට පසු ඔස්ට්‍රේලියාව MV Noongah නෞකාවේ සුන්බුන් සොයා ගෙන තිබෙනවා.

මීටර් 71 ක දිගින් යුත් මෙම ප්‍රවාහන නෞකාව නිව් සවුත් වේල්ස් වෙරළට ඔබ්බෙන් වානේ රැගෙන යමින් සිටියදී 1969 දී කුණාටු සහිත කාලගුණයකට හසුවීමෙන් අනතුරට පත්වී ඇති බව සඳහන්.

එමෙන්ම එය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ සිදුවූ විශාලතම සමුද්‍ර සෙවීම් වලින් එකක් වීමද විශේෂත්වයක්.

මිනිසුන් 21 දෙනෙකුට මරු කැඳවමින් එය ගිලී වසර පනස් පහකට පසු, ඉහළ විභේදන මුහුදු පතුල සිතියම්ගත කිරීම සහ වීඩියෝ දර්ශන භාවිතා කරමින් සුන්බුන් ඇති ස්ථානය ඕස්ට්‍රේලියාවේ විද්‍යා ඒජන්සිය විසින් තහවුරු කරගෙන ඇති බවයි වෙදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This