වර්ජනය අවසන් වුවත් දුම්රිය කිහිපයක් අවලංගුයි (VIDEO)

වර්ජනය අවසන් වුවත් දුම්රිය කිහිපයක් අවලංගුයි (VIDEO)

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වුවද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ, අවිස්සාවේල්ල සහ පුත්තලම් මාර්ගයේ ද ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියන් කිහිපයක් මෙලෙස අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ

කෙසේ වෙතත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ මහතා පැවසුවේ අද (12) පස්වරුව වන විට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි

Share This