ලෝක තෙත් බිම් දිනය අදයි

ලෝක තෙත් බිම් දිනය අදයි

ලෝක තෙත් බිම් දිනය අදට(02) යෙදී තිබෙනවා.

සෑම වසරකම පෙබරවාරි 2 වන දින සමරනු ලබන ලෝක තෙත්බිම් දිනය මානව සමෘද්ධිය සහ සෞඛ්‍යාරක්ෂිත ලෝකයක් සඳහා තෙත් බිම්වල ඇති වැදගත්කම පිළිබඳව ගෝලීය වශයෙන් දැනුවත් කිරීම සිදු කරනවා.

ඒ අනුව 2024 ලෝක තෙත් බිම් දිනයේ තේමාව වන්නේ “තෙත්බිම් සහ මානව යහපැවැත්ම” නොහොත් “Wetlands and Human Wellbeing” යන්නයි.

එහිදී තෙත්බිම් අතර අන්තර් සම්බන්ධය සහ කායික, මානසික සහ පාරිසරික සෞඛ්‍යය ඇතුළු මානව යහපැවැත්මේ විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කරනු ලබනවා.

ලොව පුරා විහිදී ඇති මිරිදිය තෙත්බිම් ගණන 100,000 පමණ බව සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇති අතර ඉන් බිලියන තුනක ජනතාවකට ප්‍රධාන ආහාරයක් වන සහල් නිෂ්පාදනය සඳහා ගෝලීය වශයෙන් ආහාර නිෂ්පාදනයට 20% ක් පමණ තෙත්බිම් ප්‍රමාණයක් යොදා ගනු ලබනවා.

මීට අමතරව, තෙත්බිම් ස්වභාවික විපත් වන ගංවතුර සහ කුණාටු තත්ත්වයන් ඇතිවීමේ අවදානමද අවම කිරීමට ක්‍රියා කරන බව සඳහන්.

Share This