ලොව විශාලතම මගී නෞකාව වන Icon of the Seasහි ගින්නක්

ලොව විශාලතම මගී නෞකාව වන Icon of the Seasහි ගින්නක්

මෙක්සිකෝවේ වරායක Icon of the Seas නෞකාව නැංගුරම් ලා තිබියදී පෙරේදා(25) නෞකාවේ සුළු ගින්නක් හටගෙන තිබෙනවා.

හදිසියේ ඇතිවූ මෙම සුළු ගින්න ඉතා ඉකමනින් නිවා දැමූ බවයි නෞකාව අයත් සමාගම වන Royal Caribbeanහි ප්‍රකාශයෙකු සඳහන් කර ඇත්තේ.

ඇති වූ ගින්නෙන් තුවාල සහ අනතුරු කිසිවක් වාර්තා වී නොමැති අතර සිදුවූ බලපෑම ඉතා අවම බවට Royal Caribbean සමාගම තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව විශාලතම මගී නෞකාව ලෙස වාර්තාවක් පිහිටුවා ඇති Icon of the Seas – අඩි 1,200කට ආසන්න දිගකින් සහ ටොන් 250,800ක බරකින් යුක්ත වනවා.

ගින්න ඇති වූ අවස්ථාවේ මෙක්සිකෝවේ කොස්ටා මායා හි නෞකාව නැංගුරම් ලා තිබූ බව සඳහන්.

Royal Caribbean ප්‍රකාශක විසින් කාර්ය මණ්ඩල සාමාජිකයින් ගින්න පාලනය කළ බව තහවුරු කළ අතර, සියලුම කාර්ය මණ්ඩලය එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට පුහුණු කර ඇති බව පෙන්වා දුන්නා.

Share This