රාත්‍රී අහසේ සිදුවන්නට යන දුර්ලභ සිදුවීම

රාත්‍රී අහසේ සිදුවන්නට යන දුර්ලභ සිදුවීම

දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් පසුව ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

ජූලි 25 වැනිදා පෙරවරු 00.40 ට පමණ සඳ දෙස බැලීමෙන් මෙම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

දුරේක්ෂයක් හෝ දුරදක්නයක් තිබේ නම් මෙම සංසිද්ධිය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිවනු හැකි බවද සඳහන්.

එක් ආකාශ වස්තුවක් තවත් ආකාශ වස්තුවක් ඉදිරියෙන් ගමන් කිරීම නිසා එහි දර්ශනය අවහිර වීමෙන් මෙවන් සංසිද්ධියක් සිදුවන බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

චන්ද්‍රයා සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්, ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතින අතර මෙම සංසිද්ධිය පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට පමණක් දැකගත හැකි බව සඳහන්.

නැවත වරක් මෙම සංසිද්ධිය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2037 අප්‍රේල් 24 වැනිදා බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට මෙම සිදුවීම දර්ශනය වන වේලාවන් සුළු වශයෙන් වෙනස් වන අතර එම වේලාවන් පහතින් දක්වා තිබෙනවා.

 

Share This