රට උරගයින් සහ කිඹුල් පැටවකු විකිණීමට ගිය තිදෙනෙක් කොටු

රට උරගයින් සහ කිඹුල් පැටවකු විකිණීමට ගිය තිදෙනෙක් කොටු

නීතිවිරෝධීව විදේශ රටකින් මෙරටට ආනයනය කරන ලද උරගයින් සහ කිඹුල් පැටවකු අලෙවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අංගුවට ගෙන තිබෙනවා

වත්තල පොලිස් ස්ථායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඇවරියවත්ත ප්‍රදේශයේ සුරතල් මසුන් අලෙවි කරනු ලබන ස්ථානයක සිදු කළ වැටලීමකදීයි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී නීති විරෝධීව බලපත්‍රයක් නොමැතිව විදේශ රටකින් ආනයනය කරන ලද පිඹුරන් හතර දෙනෙකු සහ ලංකාවට ආවේණික කුඩා ප්‍රමාණයේ කිඹුල් පැටවකු මුදලට විකිණීමට සූදානම්ව සිටියදී සැකකරුවන් සමඟ පොලිස් භාරයට ගෙන තිබෙනවා

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 සහ 41 වයස්වල පසුවන කොළොන්නාව සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්

Share This