යාගි සුළි කුණාටුව වියට්නාමයට

යාගි සුළි කුණාටුව වියට්නාමයට

මේ වසරේ ආසියාවේ ඇති වූ ප්‍රබලතම කුණාටුව වන යාගි සුළි කුණාටුව උතුරු වියට්නාමයට කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

කුණාටුව පැයට කිලෝමීටර් 234ක වේගයකින් හමාගොස් ඇති අතර ඒ හේතුවෙන් වියට්නාමයේ වෙරළබඩ ප්‍රදේශවල 50,000කට ආසන්න පුද්ගලයින් පිරිසක් ඉවත් කර ඇති අතර බලධාරීන් ගෘහස්ථව රැඳී සිටින ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්

මෙම සුළි කුණාටුව හේතුවෙන් චීනයේ අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

මේ අතර යාගි සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් උතුරු පිලිපීනයේ අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගියා

Share This