මිදිගම සිදුවූ මාරක වෙඩි තැබීම

මිදිගම සිදුවූ මාරක වෙඩි තැබීම

අද (19) මිදිගම ගොවියාපාන ප්‍රදේශයේ පිහිටි මාළු වෙළෙඳ සැලක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ වෙළෙඳ සැල් හිමිකරු සහ වෙළෙඳ සැලට පැමිණ සිටි දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මාළු වෙළෙඳ සැලේ හිමිකරු මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වූ ගොවියාපාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය මාළු වෙළෙඳ සැලේ හිමිකරුගේ දේහය මේ වන විට කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම ඝාතනය විදේශගතව සිටින සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ක්‍රියාවක් බවට දැනට සිදුකරන ලද විමර්ශන තුළින් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

Share This