මැතිවරණ වියදම් සීමා ගැන කොමිසමෙන් ප්‍රකාශයක් (VEDIO)

මැතිවරණ වියදම් සීමා ගැන කොමිසමෙන් ප්‍රකාශයක් (VEDIO)

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඒ වෙනුවෙන් නාම යෝජනා භාරගැනීම පසුගිය 15 වනදා සිදුවුණා.

මෙවර ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයින් 39 දෙනෙකු තරඟ කරන බව සඳහන්.

මේ වන විට ඒ සඳහා ප්‍රචාරණ කටයුතු ආරම්භ වී ඇති අතර මැතිවරණයට මුදල් වියදම් කිරීම් කළ හැකි ආකාරය පිළිබඳව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මඟින් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ අවසර ලත් මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් තීරණය කරන බවත් ඒ සීමාව තුළ අපේක්ෂකයෙකුට තම වියදම් මැතිවරණය සඳහා යෙදවිය හැකි බවයි.

Share This