බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි -21 දෙනෙකුට තුවාල-

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි -21 දෙනෙකුට තුවාල-

කොළඹ – නුවර මාර්ගයේ, වරකාපොළ, දුම්මලදෙණිය ප්‍රදේශයේ දී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් 21ක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ඒ අතර ලොරි රථයේ රියදුරු ද සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි පැවසෙන්නේ.

තුවාලකරුවන් වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

Share This