පුත්තලමේදී ඇල්ලූ මත්පෙති තොගය

පුත්තලමේදී ඇල්ලූ මත්පෙති තොගය

පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ ලදු කැලෑවක් තුළ සඟවා තිබූ මත්පෙති 35470ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එහිදී නාවික හමුදා නිලධාරීන් විසින් ලදු කැලෑව තුළ තිබූ සැකකටයුතු බහාලුම් 02ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමෙන් අනතුරුව එහි බහාලුම් තුළ අසුරන ලද නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන මත්පෙති තොගය සොයාගෙන ඇති බව සඳහන්.

මෙම මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදාව භාරයේ තබාගැනීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

Share This