පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අද

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අද

වසර 100කට පසු ප්‍රංශයේ අගනුවර පැවැත්වෙන 03 වැනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අද (26) ආරම්භ වෙනවා.

‘Games wide open’ මෙවර පැරිස් ඔලිම්පික් උලළේ ආදර්ශ පාඨයයි.

එමෙන්ම මහද්වීප 05ම නියෝජනය වන අයුරින් ක්‍රීඩා උලෙළට ක්‍රීඩකයින් 5,250 ක් සහ ක්‍රීඩිකාවන් 5,250 ක් තරග කිරීමට නියමිත අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කළ පළමු ක්‍රීඩා උලෙළ මෙය වනවා

සමාරම්භක උත්සවයේදී සේන් නදියේ කිලෝමීටර 6 ක් දුරක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රභූන් රැගෙන යාත්‍රා කිරීමට සැලසුම්  කර ඇති අතර ප්‍රේක්ෂකයින් 300,000 කට එය නැරඹීමට අවස්ථාව හිමිවනවා

එමෙන්ම ප්‍රධාන ක්‍රීඩාංගණයකින් පිටත එළිමහනේ පවත්වනු ලබන පළමු සමාරම්භක උලෙළද මෙය වනවා

Share This