පැය 48ක් තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා 61ක් මරුට

පැය 48ක් තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා 61ක් මරුට

පැය 48ක් තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

අවතැන් වූවන්ගේ නවාතැනක් ලෙස පවත්වාගෙන යන හලිමා අල්-සාදියා පාසල් පරිශ්‍රයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු තුවාල ලැබූ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය පරිශ්‍රය තුළ ඇති හමාස් අණදෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගත් බවයි.

Share This