ප්‍රබල Lyca’s Jaffna Kings යළිත් කිරුළ දිනයි

ප්‍රබල Lyca’s Jaffna Kings යළිත් කිරුළ දිනයි

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා

ඒ කඩුළු 09කින් Galle Marvels කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Lyca’s Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට Galle Marvels කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා

භානුක රාජපක්ෂ පන්දු 34කදී ලකුණු 82ක් රැස් කිරීමට සමත් වූ අතර Tim Seifert ලකුණු 47ක් රැස් කළා

එමෙන්ම Lyca’s Jaffna Kings වෙනුවෙන් පන්දු යැවීමේදී Asitha Fernando කඩුලු 03ක් Jason Behrendorff කඩුළු 02ක්ද, Azmatullah Omarzai එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා

අනතුරුව ලකුණු 185ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Lyca’s Jaffna Kings කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 04ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසු කරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ශූරයින් බවට බවට පත් වුණේ සිව් වැනි වරටයි.

එමෙන්ම පන්දුවට පහරදීමේදී Lyca’s Jaffna Kings කණ්ඩායමේ Rilee Rossouw අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 106ක් ලබා ගත අතර අතර, ඔහු සමග මනා සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තා

Rilee Rossouwගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 9කින් වර්ණවත් වුණා

එමෙන්ම කුසල් මෙන්ඩිස් ද සිය දක්ෂතා පෙන්වමින් හයේ පහර 02ක් සහ හතරේ පහර 08කින් ඔහුගේ ඉනිම ගොඩනගා ගත්තා

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This