දිය නෑමට ගිය සිසුන් තිදෙනාගෙන් එක් අයෙක් අතුරුදන්

දිය නෑමට ගිය සිසුන් තිදෙනාගෙන් එක් අයෙක් අතුරුදන්

හික්කඩුව ප්‍රදේශයේ තොටගමුව පාලම අසළ මොලපු ඔයේ දිය නෑමට ගිය පාසල් දරුවන් තිදෙනෙකු දියවැලකට හසුවී මුහුදට ගසාගෙන යාමේදී හික්කඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන්, ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවන් දෙදනෙකුගේ දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.

දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු බේරාගැනීමට සමත් වුවත් එක් අයෙකු දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන්වූ දරුවා වයස අවුරුදු 16 ක් වූ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙහිදී දිවි බේරාගත් දරුවන් වයස අවුරුදු 17 සහ 16 වයස්වල පසුවන බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අතුරුදන්වූ දරුවා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

Share This