දියේ සැඟවුණු පුංචි මල් කැකුළ

දියේ සැඟවුණු පුංචි මල් කැකුළ

බටපොල, මහගංගොඩ ප්‍රදේශයේ දියේ දරුවෙක් ගිලී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක් වන මහගංගොඩ, අළුත්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මෙලෙස මියගිය දරුවාගේ පියා වෙළෙඳසැලක් පවත්වාගෙන යන අතර මෙම දරුවාද එම වෙළෙඳසැලේ සිට තනිව නිවසට ගොස් ඇති අතර දරුවා නැවත නොපැමිණීම නිසා පියා විසින් සිදුකළ සොයා බැලීමේදී නිවසේ පිටුපස වගා බිමක් සඳහා සකස් කරන ලද ජලය පිරී ඇති කාණුවක දියේ ගිලී සිටියදී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දරුවා රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව සඳහන්.

මියගිය දරුවාගේ දේහය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බටපොල පොලීසිය සිදුකරනු ලබනවා.

Share This