දෑතේ විරියෙන් සෙවූ සොච්චමෙන් ‘ගමට PCR යන්ත්‍රයක්  ගෙනෙන’ ඇඹිලිපිටියේ මිනිසුන්ගේ කතාව

දෑතේ විරියෙන් සෙවූ සොච්චමෙන් ‘ගමට PCR යන්ත්‍රයක් ගෙනෙන’ ඇඹිලිපිටියේ මිනිසුන්ගේ කතාව

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සඳහා මහජන මුදලින් PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද (2) සිදු කෙරුණා.

ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් PCR යන්ත්‍රය මිළට ගෙන ඇති අතර ඒ සඳහා ප්‍රදේශයේ ගොවි ජනතාව ද සිය දායකත්වය ලබා දුන්නා.

රෝගීන් විශාල පිරිසක් සඳහා සේවය ලබාදෙන ඇඹිලිපිටිය රෝහලට PCR යන්ත්‍රයක් නොමැති වීමෙන් දැඩි අපහසුතාවකට මුහුණ දීමට සිදුව තිබූ අතර ඕමල්පේ සෝභිත හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසීන් එක්ව අරමුදලක් පිහිටුවා ඉතා කෙටි කලක් තුළ මෙම යන්ත්‍රය මිළට ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට කිසිදු දේශපාලන නායකයෙකුට ආරාධනා කර නොමැති බව ද liveat8.lk ඇඹිලිපිටිය වාර්තාකරු සඳහන් කළා.

PCR යන්ත්‍රය  රෝහලට පරිත්‍යාග කළ අවස්ථාව සහ යන්ත්‍රය සවි කිරීම සඳහා රසායනාගාරයේ ඉදිකිරීම් කටයුතු ද මහජන මුදලින් සිදුවන අයුරු පහතින් දැකිය හැකියි.

 

Share This