ත්‍රිරෝද රථය තුළ සිදු කළ ඝාතනයට අදාළ සැකකරුවන් කොටු

ත්‍රිරෝද රථය තුළ සිදු කළ ඝාතනයට අදාළ සැකකරුවන් කොටු

කොළඹ වෝඩ් පෙදෙසේදී ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ග්‍රෑන්ඩ්පාස් සමඟි මාවත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35 සහ 48 වයස්වල පසුවන ගෝනවිල හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 200ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙහිදී ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

Share This