තණමල්විල පාසල් දැරිය සමූහ දූෂණය කල පාසලේම තවත් දැරියක් අපයෝජනයට -සැකකාර සිසුවෙක් අත්අඩංගුවට-

තණමල්විල පාසල් දැරිය සමූහ දූෂණය කල පාසලේම තවත් දැරියක් අපයෝජනයට -සැකකාර සිසුවෙක් අත්අඩංගුවට-

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ පාසල් දැරියක් පාසල් සිසුන් 21 දෙනෙකු විසින් සමූහ දූෂණය කිරීමේ පුවත වාර්තා වී මසක් යන්නටත් පෙර එම පාසලේ තවත් 13 හැවිරිදි දැරියක් දූෂණයට ලක් වීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

නව (09) වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් දැරියක් අපයෝජනයට ලක් වී ඇති බවට තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදී මෙම සිදුවීම අනාවරණය වී ඇති බව සඳහන්.

එහිදී දැරිය විසින් සිදුකළ පාපොච්චාරණයකට අනුව සිද්ධියට සම්බන්ධ එම පාසලේම 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක් විසින් මෙම දැරිය අපයෝජනය කර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

පොලීසිය විසින් සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිසුවා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාසල් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බව සඳහන්.

Share This