තණමල්විල දැරිය දූෂණය කළ සැකකරුවන් අද අධිකරණයට

තණමල්විල දැරිය දූෂණය කළ සැකකරුවන් අද අධිකරණයට

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 දෙනා සහ ආධාර අනුබල දුන් කාන්තාව අද (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා

එමෙන්ම, වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක් ද පැවැත්වෙන බව සඳහන්

එම නිහඬ විරෝධය ප්‍රදේශයේ කාන්තා සංවිධාන රැසක් එක්ව සංවිධානය කර ඇති අතර, මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා ගිය මාධ්‍යවේදියෙකුටත් කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයෙකු බැන තර්ජනය කර පහරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ

අනතුරුව එම පුද්ගලයා අසල සිටි කාන්තාවකට ද තර්ජනය කර තිබූ අතර පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා ඉවත් කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා

Share This