ජපන් අධිරාජ්‍යයාට එක්සත් රාජධානියෙන් උණුසුම් පිළිගැනීමක් (VIDEO)

ජපන් අධිරාජ්‍යයාට එක්සත් රාජධානියෙන් උණුසුම් පිළිගැනීමක් (VIDEO)

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට පැමිණ සිටින ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාට සහ මසාකෝ අධිරාජිනියට, තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජිනගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රිතාන්‍යයේ ඉතා ප්‍රසිද්ධ රෙජිමේන්තු කිහිපයක් සමග අශ්ව ආරක්ෂක පෙළපාළියක් මගින් මෙම උත්කර්ෂවත් පිළිගැනීම සිදුකළ බවයි වාර්තා වන්නේ.

එමගින් ජපානයේ අධිරාජ්‍යයාගේ තෙදින රාජ්‍ය සංචාරයක ආරම්භය සනිටුහන් කළා.

ජපාන විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසුවේ මෙම සංචාරය පරම්පරා ගණනාවක් පුරා පවත් එන මිත්‍රශීලී සබඳතා අලුත් කිරීමක් ඇතිකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ජපන් අධිරාජයා සහ අධිරාජිනිය වෙනුවෙන් බකිංහැම් මාලිගයේ විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණු අතර, ඊට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ විපක්ෂ නායක කීර් ස්ටෙමර් ද සහභාගී වී තිබෙනවා.

එමෙන්ම ජපන් අධිරාජයා මීට පෙර බ්‍රිතාන්‍යයට පැමිණියේ 2022 වසරේදීයි.

ඒ දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This