ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු කොටු

ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු කොටු

පුරවසම්කුලම්, පරණ කට්පගපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු වව්නියාව විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නිලධාරීන් විසින් විශේෂ විමෂණයක් සිදුකිරීමෙන් අනතුරුව මාන්කුලම් හන්දිය ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන පුරවසම්කුලම් පොලිස් ස්ථානයට භාරදී ඇති බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන පම්පෙමඩුව, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පුරවසම්කුලම් පොලීසිය සිදුකරන බවයි වාර්තා වන්නේ.

Share This