කෝටි 05ක කේරළ ගංජා සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට

කෝටි 05ක කේරළ ගංජා සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට

රුපියල් කෝටි 05කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 203 ක් සමග පුද්ගලයෙකු රාජාංගනය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයෙන් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 203 ක් අඩංගු කවර 94ක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු කලාඔය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන අයෙකු බව සඳහන්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා රාජාංගනය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

Share This