කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට (VEDIO)

කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට (VEDIO)

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු කොහුවල ගුවන් පාලම අද (17) ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

හංගේරියානු රජයේ මූල්‍ය ආධාර මත මෙම ඉදිකිරීම් කටයුතු 2022 වසරේදී ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

කොහුවල මංසන්දියේ සිට කොළඹ, හොරණ 120 බස් මාර්ගයේ මෙම පාලම ඉදිකර තිබෙන අතර ගුවන් පාලම පහළින් නුගේගොඩ, කළුබෝවිල මාර්ගය වෙතද ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

Share This