කෘමීන් එලවන්න නව තාක්ෂණයක්

කෘමීන් එලවන්න නව තාක්ෂණයක්

කෘමීන් විසින් සිදුකරන හානි වළක්වා ගැනීමට කෘමිනාශකවලින් තොර නව තාක්ෂණය උපයෝගී කරගෙන ඒ සඳහා විසඳුමක් සොයාගැනීමට මේ වන විට හැකිවී තිබෙනවා.

බල්බයක් අධාරයෙන් කෘමි සතුන් මර්දනය කිරීමට හැකි මෙම සුවිශේෂී නිපැයුම වසර ගණනාවක් තිස්සේ සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකි අතර මෙම සළඹ විකර්ෂක එල්. ඊ. ඩී. බල්බය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බියගම කලාපයේ පිහිටි පෞද්ගලික සමාගමක් විසින් ඔවුන්ගේ ජපාන මව් සමගම හා එක්ව නිර්මාණය කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඉදිරියේදී දේශීය වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත මෙම නිපැයුම එක් ගොවිබිමක් තුළ ස්ථාපිත කිරීම සඳහා වැය වන මුදල රුපියල් 80,000 ක් පමණ බවයි එම සමාගමේ නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ.

Share This