ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ගිලෙයි

ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ගිලෙයි

ඉන්ධන ලීටර් මිලියන 1.5ක් රැගත් පිලිපීනයේ ධජය සහිත නෞකාවක් මැනිලා බොක්ක ආසන්න මුහුදේ ගිලී ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන රැගත් නෞකාවක් මෙලෙස ගිලී ගොස් ඇති බවයි

ඒ හේතුවෙන් විශාල තෙල් පැල්ලම් දක්නට ලැබෙන බවත් ටැංකියේ ඇති සියලුම තෙල් කාන්දු වුවහොත් එය පිලිපීන ඉතිහාසයේ විශාලතම කාන්දුව වනු ඇති බවත් නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 17 දෙනාගෙන් 16 දෙනෙකුව නිරුපද්‍රිතව බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බව සඳහන්.

අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයා සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර දැඩි සුළං සහ අධික රළ හේතුවෙන් අදාළ ක්‍රියාවලියට බාධා මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This