ඉන්දීය ධීවරයන් සිව් දෙනෙකු එක්ක යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයන් සිව් දෙනෙකු එක්ක යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා

යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම පිරිස භාරයට ගෙන ඇත්තේ

ඔවුන් කන්කසන්තුරය වරාය වෙත රැගෙන පැමිණ ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි

ඒ අනුව මෙම මෙහෙයුමත් සමඟ මෙම වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් ඉන්දීය ධීවර යාත්‍රා හතලිස් හතක් 47 ක් සහ ඉන්දීය ධීවරයින් තුන්සිය හතලිස් පස් දෙනෙකු 345 නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා

Share This