අශ්වයෙකුගේ පහර කෑ ඈන් කුමරිය (VIDEO)

අශ්වයෙකුගේ පහර කෑ ඈන් කුමරිය (VIDEO)

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් කුමරියට අශ්වයෙකු පහරදීම නිසා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

කුමරිය මෙම අනතුරට ලක්ව ඇත්තේ ඊයේ(24) ගැට්කොම්බි උද්‍යාන වතුයායේදී බවයි බකින්හැම් මාළිගයේ රාජකීය පවුල විසින් නිකුත් කර ඇති නිල නිවේදනයෙහි දැක්වෙන්නේ.

අනතුරින් කුමරියගේ හිසට තුවාල සිදුවී ඇති අතර ඇය මේ වනවිට බ්‍රිස්ටල් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

73 හැවිරිදි ඈන් කුමරිය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ එකම දියණියයි.

Share This