අලි ඇතුන් 200ක් මරා දැමීමට සිම්බාබ්වේ සැරසෙයි

අලි ඇතුන් 200ක් මරා දැමීමට සිම්බාබ්වේ සැරසෙයි

නියඟයකට මුහුණ දීම හේතුවෙන් ආහාර හිඟයකට තුඩු දී ඇති සිම්බාබ්වේ අලි ඇතුන් 200 ක් මරා දැමීමේ තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම රටේ “අවශ්‍ය ප්‍රමාණයට වඩා අලි ඇතුන්” සිටින බවයි සිම්බාබ්වේ පරිසර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ ඇත්තේ

ඒ අනුව සිම්බාබ්වේ උද්‍යාන සහ වනජීවී අධිකාරියට රජය විසින් ඝාතන ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස උපදෙස් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමඟින් සතුන්ගේ ගහනය පාලනය කිරීමට ද ඉඩ සැලසෙන බව එරට වනජීවී අධිකාරිය පවසා ඇත්තේ

සිම්බාබ්වේ ලෝකයේ දෙවන විශාලතම අලි ජනගහනය සහිත රට වනවා

Share This