අයිස් සමඟ කොටුවූ සැකකරුවන්

අයිස් සමඟ කොටුවූ සැකකරුවන්

කෙසෙල්වත්ත යොන් වීදියේදී සහ ග්‍රෑන්ඩ්පාස් නාගලම්වීදිය යන ප්‍රදේශවලදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 400ක් සොයාගෙන ඇති බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 හා 43 යන වයස්වල පසුවන කෙසෙල්වත්ත හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන්

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබනවා.

Share This