අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයන් බැද්දගාන තෙත්බිම් උද්‍යාන නිරීක්ෂණ චාරිකාවක

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයන් බැද්දගාන තෙත්බිම් උද්‍යාන නිරීක්ෂණ චාරිකාවක

පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත සහ ආසියානු සබැදි සමුළුව සඳහා සහභාගී වූ අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයන් බැද්දගාන තෙත්බිම් උද්‍යාන නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබෙනවා.

තෙත්බිම් නියෝජිතයන් මේ දිනවල ලොව පළමු නාගරික තෙත්බිම් අගනගරය වන කොළඹ නගරාශ්‍රිත තෙත්බිම් නිරීක්ෂණය කරන බව සඳහන්.

මෙහිදී ඔවුන් දියසරු තෙත්බිම නිරීක්ෂණ චාරිකාවකට ද එක් වී තිබෙනවා.

තලංගම වැව ආශ්‍රිත තෙත්බිම සහ බැද්දගාන තෙත්බිම් නිරීක්ෂණ චාරිකාවකට ද එක් වෙමින් එම නියෝජිතයින් තෙත්බිම් ආශ්‍රිත ජීවත් වන සතුන් සහ ශාක පිළිබද අධ්‍යනය කර ඇති බව සඳහන්.

එම නියෝජිතයින් පෙන්වාදී තිබෙන්නේ නාගරික තෙත්බිම්වල අවශ්‍යතාව්‍ය හඳුනාගනිමින් ඒවා සංරක්ෂණය හා කළමනාකරණය කළ යුතු බවයි.

Share This