සංක්‍රාන්ති කාන්තාවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම් – ICCය නව රෙගුලාසි පනවයි

සංක්‍රාන්ති කාන්තාවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම් – ICCය නව රෙගුලාසි පනවයි

ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට්වලින් සමහර සංක්‍රාන්ති කාන්තාවන් ඉවත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) නව රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පිරිමි වැඩිවියටපත් වූ ඕනෑම සංක්‍රාන්ති කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් වලට සහභාගී වීමට ඉඩ නොදෙන බවයි ICCය නිවේදනය කර ඇත්තේ.

ICCය නිකුත් කර ඈති නිවේදනයේ “පිරිමි වැඩිවිය පැමිණීම” සඳහා එහි නිර්ණායක නිර්වචනය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා නව “ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ රෙගුලාසි” නොහොත් “Gender Eligibility Regulations” ලෙස හඳුන්වා දුන් මේ නව රෙගුලාසි ක්‍රීඩා උපදේශකයින් සමග මාස 9ක කාලයක් සිදු කරන ලද උපදේශන ක්‍රියාවලියකින් පසුව ප්‍රකාශ කළ බව ICCය සඳහන් කරනවා.

එම සමාලෝචනය මෙහෙයවා ඇත්තේ ICC වෛද්‍ය උපදේශක කමිටුව විසින් බව සඳහන්.

ICCහි ප්‍රමුඛතාවය ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඒකග්‍රතාවය ආරක්ෂා කිරීම බව ICC ප්‍රධාන විධායක Geoff Allardice මහතා විසින් නව රෙගුලාසි ගැන අදහස් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් පිරිමි වැඩිවියට පත්වූ සංක්‍රාන්ති කාන්තාවන්ට පනවා මෙම නව රෙගුලාසි සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්වවලින් ICCයට චෝදනා එල්ල වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This