මෙරට ගුවන් තොටුපළ 3ක් කළමනාකරණයට එන Adani ?

මෙරට ගුවන් තොටුපළ 3ක් කළමනාකරණයට එන Adani ?

Adani සමූහය විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු දිවයිනේ ගුවන් තොටුපළ තුනක් කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය මේ බව සඳහන් කර ඇති අතර කටුනායක ගුවන් තොටුපළට අමතරව රත්මලාන සහ මත්තල ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා මෙලෙස Adani සමූහය සාකච්ඡා පවත්වමින් සිටින බවයි වාර්තා කර ඇත්තේ.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද පසුගියදා ප්‍රකාශ කර තිබුණේ දෙපාර්ශවය අතර අදාළ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවයි.

කළමනාකරණ කොන්ත්‍රාත්තු ද ඊට ඇතුළත් විය හැකි බව සඳහන්.

Adani සමූහය දැනටමත් මෙරට වරාය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සිය ආයෝජන සිදු කර තිබෙනවා.

ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපළ ඇතුළු ඉන්දියාවේ ගුවන් තොටුපළ 8ක මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා.

Share This